brand logo

කාන්තා ඡායාරූප නිරුවත් කර ඉන්ටෙර්නෙට් එකේ දාලා

21 October 2020

සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවකින් තහවුරු වී තිබේ. කාන්තාවන් 100,000කට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප මෙලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බව අදාල වාර්තාවේ සඳහන් වේ. Artificial Intelligence යටතට ගැනෙන පරිගණක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අදාළ ඡායාරූපවල ඇඳුම් ඉවත් කර Telegram වැනි මෙවලම් හරහා ඒවා මුදා හැර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ. මෙම ජාවාරම සඳහා බාලවයස්කාර පෙනුමක් සහිත කාන්තාවන්ගේ ඡායාරූප වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බව එම වාර්තාව සකස් කළ Sensity නමැති බුද්ධි තොරතුරු ආයතනය පවසයි. සියල්ලන්ට නිරාවරණය වන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන කුමන අයෙකු වුව ද මෙම ජාවාරමේ ඉලක්කයක් විය හැකි බවට Sensity ආයතනයේ ප්‍රධාන විධායක ජෝර්ජියෝ පැට්‍රිනි අනතුරු අඟවයි.
 

More News..