brand logo

කාන්තා ක‍්‍රිකට් පිලේ ඔටුන්න නැවතත් චමරිට

07 September 2018

ලබන 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සහ විස්සයි විස්ස තරග 5 සඳහා ශ‍්‍රී ලංකා කාන්තා පිලේ නායිකාව වශයෙන් නැවත වරක් චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව මෙම තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. හේමන්ත දේවපි‍්‍රය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ කාන්තා ක‍්‍රිකට් පුහුණුකරු තණතුරට හර්ෂ ද සිල්වා මහතා පත්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරගාවලිය වශයෙන් මෙය සටහන් විය. ශ‍්‍රී ලංකා සංචිතය - චමරි අතපත්තු (නායිකා*, ප‍්‍රසාදනී වීරක්කොඩි, අනුෂ්කා සංජීවනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඩිලානි මනෝධාරා, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉමල්කා මෙන්ඩිස්, ශ‍්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප‍්‍රබෝධනී, අමා කාංචනා, කවීෂා දිල්හාරි
 

More News..