brand logo

කාන්තාවන් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

05 January 2022

නිලීකා මලවිගේ ඇතුළු කාන්තාවන් දස දෙනෙකුට සම්මාන පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කරගැනීම සඳහා වූ වයිස් වුමන් ජාතික වැඩසටහන ඊයේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මෙරට කාන්තා ජනගහණයෙන් ශ්‍රම දායකත්වය 30%ක් පමණ වන අතර, එය, තවදුරටත් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහිදී ක්‍ෂේත්‍ර කිහිපයක දක්ෂතා දැක් වූ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු කාන්තාවන් දස දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කෙරුණා.
 

More News..