brand logo

කාදිනල් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් කළ ඉල්ලීම

17 December 2020

කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. අද පෙරවරු මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙසයි. බස්නාහිර පළාතේ කොවිඩ් අවධානම ඉතා නරක අතට හැරී ඇති නමුත් සෙසු පළාත්වලට ද වෛරසය පැතිරයෑමේ තර්ජනය පැහැදිලිව පෙ‌නෙන්නට ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි. මේ හේතුවෙන් පසුගිය වතාවන්වල මෙන්ම නත්තල සැමරීමට විවිධ දෑ සිදුකිරීමට මෙවර කිසිදු ඉඩකඩක් නොමැති බව පැවසූ උන්වහන්සේ කියා සිටියේ කොළඹ සිට වෙන වෙන වෙන පළාත්වලට ගමන් කිරීම හැකිතාක් දුර සීමා කරන ලෙසයි. ඥාතීන් හමුවීම්, විනෝද ගමන්, පිරිස් එකතු වී සාද පැවැත්වීම සිදු නොකරන ලෙසත්, පවුලක් ලෙස නිවසේ සාමාජිකයින් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන ලෙසත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
 

More News..