brand logo

ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ

22 January 2021

ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. සංවර්ධනය කිරීමට නියමිත ක්‍රීඩා පාසල් පහත දැක්වේ.....
  • දික්වැල්ල විජිත විද්‍යාලය
  • හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය
  • අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
  • පොලොන්නරුව රාජකීය විද්‍යාලය
  • ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
  • අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
  • ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය
  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය
  • ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය
  • මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය
  • මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය
  • රත්මලාන හින්දු විදුහල
ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඉදිකිරීම් සිදුකරන අතර ඒ සඳහා ග්‍රාමීය හා පාසක් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250කි. ක්‍රීඩා පිටි සංවර්ධනය, ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම, නේවාසිකාගාර අලුත් වැඩියා කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්න කටයුතු මේ යටතේ සිදුවෙයි.
 

More News..