brand logo

ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ එකට ඉන්න, කවදාවත් තනිවෙන්න එපා

19 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විවේකාගාරය තුළ දී කතාබහට ලක් කළ සාකච්ඡාව පිළිබද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. මේ පිළිබදව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්.... ගොසිප් මාධ්‍යයෙන් ක්‍රීඩකයන් ඉතාමත් ඉක්මනට විනාශ කරලා දාන්න පුළුවන්. මං දැක්කා අපේ ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහෝම අමාරුවෙන් බඩගහලා ගොඩක් දුක්විදලා මහන්සිවෙලා බැණුම් අහලා, මිනිස්සුන්ගේ උසුළු විසිළු වලට ලක්වෙලා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළාට පස්සේ ක්‍රීඩකයෝ හැටියට අපිත් දන්නවා. අපි මැච් එකක් ඉවර වුනාට පස්සේ අපේ ආවේගය තියෙනවා. අපි පාරට ගිහිල්ලා මාධ්‍යයට නෙමෙයි කතා කළේ. ඩ්‍රෙසිං රූම් එකක් ඇතුළේ. දැන් අපිට මේ වෙන කොට ඒ ඩ්‍රෙසිං රූම් එකේ කවුද ඒක වීඩියෝ කළේ කාටද ඒක ඇරලා තියෙන්නේ කියලා ඒ සියලුදේ ලැබිලා තියෙනවා. මම ප්‍රතිපත්තියක් හැටියට තවත් ඔය ගැන කිය කිය උඩබලාගෙන කෙළ ගහගන්න යන මිනිහෙක් නෙමෙයි. මොකද මම ක්‍රීඩාවට ආදරේ නිසා. ඒ නිසා ඔබතුමන්ලගෙන් එක දෙයක් ඉල්ලන්නේ මාධ්‍යයෙන් විශේෂයෙන්ම, ක්‍රීඩකයෝ ක්‍රීඩකයොන්ගේ ආවේගයක් කිව්වම ඒක මහලොකු ප්‍රශ්නයක් කරලා, ඒක රටේ ප්‍රශ්නයක් ඇති කරලා, ආයිත් ඒ ක්‍රීඩකයෝ දිනපු ගැම්ම බිමට දානවා නම් මං ගොඩක් කණගාටු  වෙනවා. මං දැක්කා ඊයේ ලංකාවේ ප්‍රධාන නාළිකාවල පළවැනි නිව්ස් එක හැටියට මෙව්වා පත්තු වුණා. මේක ඇත්තටම පෞද්ගලිකව වීඩියෝ කරලා තියෙන්නේ සුදු මහත්තයෙක් ටීම් එක ඇතුළෙම ඉන්න. මොකද ඒ මිනිහා දන්නේ නැහැ සිංහලෙන් කියපු සිංහල ටික. ඒ නිසා ඒ මිනිහා ඒවා වීඩියෝ කරලා තියෙනවා. එයා වෙනෙ කෙනෙක්ට ඇරලා තියෙනවා. වෙන කෙනෙක් ඒක මාධ්‍යයට ඇරලා තියෙනවා. ඒ සියලු විස්තර අපි තුළ තියෙනවා. හැබැයි ඒකෙන් අසාධාරණය වෙන්නේ මේ අමාරුවෙන් ගත්ත ගැම්ම ක්‍රීඩාව දිනපු කණ්ඩායමට දෙන ප්‍රශ්නය. ඒ නිසා මම ඔබතුමන්ලගෙන් ඉල්ලනවා තමන් ඕන දෙයක් කරද්දි ක්‍රීඩාවේ, තමන්ගේ යහළුවා තමන්ගේ ළග ඉන්න තමන්ගේ අනෙක් ක්‍රීඩකයාව විශ්වාස කරන්න. ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ එකට ඉන්න. ක්‍රීඩකයෝ කවදාවත් තනිවෙන්න එපා. ගේම් ගහන්න එපා. ඉරිසියා කරන්න එපා. මම දැක්කා ඒ ළමයි අනිත්මට කියනවා අපි ගැහුවේ කෝච් උඹ වෙනුවෙන් කියලා. එතකොට සමහර මිනිස්සු අහනවා, ආ යකෝ උඹලා දැන් ගැහුවේ රට වෙනුවෙන් ද ? කෝච් වෙනුවෙන් ද ? කියලා. දැන් අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය ඔ්කයි. කෝචුත් ලංකාවේ මිනිහෙක්. ඉතිං කෝච් වෙනුවෙන් ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මම සෙල්ලම් කරලා අපි පැරදි පැරදි හිටපු කාලෙක රගර් මැච්වල, අන්තිම මැච් එක දිනලා හඩලා කියන්නේ කෝච් This is for you කියලා. මේක ඔයා වෙනුවෙන් අපි ගැහුවේ කියලා. ඒ කියන්නේ ලංකාවට ගහනවා කියන එක නෙමෙයි. දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා මුන් ලංකාව වෙනුවෙන් ගැහුවේ නැහැ කියලා.
 

More News..