brand logo

ක්‍රීඩකයෙක් සංචිතයකින් ඉවත් කිරීම නිසා ක්‍රිකට් මාධ්‍ය හමුව උණුසුම් වූ හැටි

02 April 2019

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පවත්වන සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (01) පැවැති ක්‍රිකට් මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. සුපිරි පළාත් එක්දින තරගාවලියේ සමාරම්භය සම්බන්දයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයක් සමග මෙම තත්ත්වය හටගත්තේය. දඹුල්ල සංචිතයේ සිටි අෂේන් බණ්ඩාර නමැති ක්‍රීඩකයා එම සංචිතයෙන් ඉවත් කර ඇති බව මාධ්‍යවේදියා විසින් එහිදී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදීම සදහා මාධ්‍ය හමුවට සහභාගි වී පසුපස අසුනක අසුන්ගෙන සිටි තේරීම් කමිටුවේ සභාපති අෂන්ත ද මෙල් මහතා ද ඉන් නැගිට ඇවිත් පිළිතුරුදීමට කටයුතු කළේය. https://youtu.be/vVUpk2QaFFU
 

More News..