brand logo

ක්‍රීකට් ලෝක කුසලානය විකුණුවාද ? රජය පිළිතුරු දිය යුතුයි

19 June 2020

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මුදලට විකුණු බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද රජය ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අනුර දිසානායක මහතා පවසන්නේ ජනාධිපතිවරයා මැදිහත්ව මේ සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි. ඒවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද රටට හෙළි කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
 

More News..