brand logo

ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ වැඩසටහන මගින් තවත් නිවාස 21ක් සඳහා ආධාර

15 December 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, සිය සේවකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘ප්‍රජා අරුණ’ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රිස්බ්‍රෝ සමූහයේ සේවකයින් 21දෙනෙකුගේ නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත. මේ යටතේ ක්‍රිස්බ්‍රෝ සමූහයේ දීප ව්‍යාප්ත ව්‍යාපාරික මධ්‍යස්ථානයන් හි සේවය කරන අවශ්‍යතාවන් සහිත සේවකයින් සඳහා මෙම මූල්‍ය දායකත්වය ලබා දී තිබේ. ක්‍රිස්බ්‍රෝ සමූහයේ පරිපාලන සහ මානව සම්පත් අංශයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ මොහොමඩ් ඉමිතියාස් මහතාගේ සහ ඉහළ කළමනාකාරීත්වය සහභාගි වූහ. නිවාස ආධාර සඳහා සුදුසුකම් ලැබූ ක්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන් සඳහා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ලබා දුන් අතර මෙය මුළුමනින්ම ක්‍රිස්බ්‍රෝ සුභසාධක අරමුදල මගින් පරිත්‍යාග කෙරිණ. මෙහිදී සේවිකාවන් 6 දෙනෙකු සහ සේවකයින් 15 දෙනෙකු මූල්‍යාධාර සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.
 

More News..