brand logo

"ක්‍රිස්තියානි" නමින් පවත්වාගෙන යන සදාචාර විරෝධී සංවිධානයක්

11 February 2021

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් "ක්‍රිස්තියානි" නමින් පවත්වා ගෙන යන ඇතැම් සංවිධාන සහ පුද්ගලයින් සිදු කරන සදාචාර විරෝධී පෙළඹවීම් මඟින් ජනතාව ආගමික කණ්ඩායම් වලට උපායශීලී ලෙස හරවා ගැනීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම පාස්ටර්ලා සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ රෝමානු කතෝලික සභාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම නිවේදනයේ දැක්වේ. ජනතාව නොමඟ යවන සුළු ක්‍රම භාවිතා කරමින් ආගමික ශිෂ්ඨාචාරය හෑල්ලු කරමින් ආගමික ශාස්තෲවරු දේශනා කළ ධාර්මික පැවැත්මට අවමාන කරන සුළු ලෞකික ලාභ ප්‍රයෝජන පොරොන්දුවෙමින් කරගෙන යන මෙම ප්‍රොඪාකාරි වැඩපිළිවෙල ක්‍රිස්තු අනුගාමිකයන් වශයෙන් හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් වේ. මෙය රටේ ආගමික සංහිඳියාවට, ආගමික සමඟියට බලපාන බවත් මෙම අන්තවාදී කල්ලි කණ්ඩායම්වල අරමුණ ඒ රටේ ආගමික සහජීවන විනාශ කිරීම විය හැකි නිසා මෙම තත්වය වහා වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයට සිටින බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.............
 

More News..