brand logo

ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව විශේෂ විමර්ශන ඒකකයට

07 May 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. අද (07) දින එම කැඳවීම සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ති‌බේ. තවද සූජීව ගොඩලියැද්ද මහතාගේ රියැදුරු සහ පෞද්ගලික ලේකම්වරිය ද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වී ඇත. මේ අතර එම විමර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සී.සී.ටී.වී. පද්ධතියේ දර්ශන ද ලබා ගනිමින් සිදු කරන බවද විශේෂ විමර්ශන ඒකක නිලධාරියකු සඳහන් කර තිබේ.
 

More News..