brand logo

ක්‍රිකට් වලින් කප් ගැසූ අර්ජුන ගුවනින් බදු අය කරයි

06 August 2019

ලංකාවේ ක්‍රිකට් පාලන අධිකාරිය හොරම හොර ගුහාවක් සිදු කර ඇති හොරකම් හා දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු ප්‍රකාශ කරන්නට තේරිම් කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා නායකයාගෙක් ඉල්ලා සිටිනවා යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අරජුන රණතුංහ පවසයි. අමැති වරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (06) දින දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දීය. ඇමති අරුජුන රණතුංග මෙසේද කියයි. ලංකාවේ දැනට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් ඇත් වී ඇති ප්‍රශ්ණ හමුවේ එම වගකීම එක් පුද්ගලයෙකුට භාර දෙන්න බෑ. ක්‍රීඩකයන්ට ද බාර දෙන්න බෑ ඇති වි ඇති අර්බුදය හමුවේ සියලුම දෙනා මේ සඳහා වගකිව යුතුයි. මෙ තත්තවය ඇති වී ඇත්තේ ක්‍රිකට් පරිපාලනයේ ඇති වැරදි නිසයි.මේ අය යල්ගිය අන පනත් ගෙන එමින් ක්‍රිකට් ක්‍රිඩාව ද කොමැපැණියක් බවට පත් කරන්ට පියවර ගනිමින් සිටිනවා. එය සිදු කරන්න එපා කියා මම කියන්න කැමැතියි.ක්‍රීඩාවේ දියුණුවට ක්‍රීඩා පනත වෙනස් කරන්නට බලතල ක්‍රීඩා ඇමති වරයාට හැකියාව තියනවා. නමුත් ක්‍රිකට් පාලන අධිකාරිය මෙය වෙනස් කරන්න බැරි බව කියන්න ඒ අයට කිසිදු අයිතියක් නෑ. එජාප සන්ධානයයේ ව්‍යවස්ථාව සකස් කරන්න වසර දෙකක් තුළ එජාප සමහර මැති ඇමතිවරු කටයුතු කරමින් සිටිනවා. කොහොම නමුත් මේ රටේ කිසිදු තනි පක්ෂයකට තනි අපේක්ෂකයෙකුට 2020 ජනාධිපතිවරණය දිනන්න බෑ. එහෙම දිනන්න හැකි වන්නේ දැවැන්ත පොදු සන්ධානයක් පිහිටුවා ගන්නා අපේක්ෂකයාට පමණයි. එහෙම ඉදිරිපත් වන අපේක්ෂකයා ජන්ද ලක්ෂ 65 ක් වත් ලබාගත යුතුව තියනවා.සන්ධනයේ හදන පුද්ගලයන් මෙන්ම සන්ධනය මගින් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය මතයි ජය තිරණය වන්නේ.එහෙම නැතුව පුද්ගල සාධකය අනුව නොවන බව කියන්න කැමැතියි. ලංකාවේ දුම්රිය දෙපාර්තුමේතුව සතුව අක්කර 15, 000 ක් පමණ ඉඩම් ප්‍රමාණයක් රටපුරා දුම්රිය මාර්ග අසල තියනවා. මේවා නිසි පරිදි නඩත්තු වන්නේ නෑ. බදු මුදලට දුන් ඉඩම් ද නිසි පරිදි යාවත්කාලීන වන්නේ නෑ. මේ නිසා මෙම ඉඩම් සම්බන්ධයෙන් යම් තිරණයක් ඉදිරියේ දී ගන්නවා. මේ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලාභය වැඩිකර ගන්නට හා ජනතාවට උපරිම සේවාව සිදු කරන්ට පියවර ගන්නට ද බලාපොරොත්තු වෙනවා. දුම්රිය සේවය දියුණු කරනවා මිසක මෙහි කාර්යශමතාවය වැඩි කරනවා මිසක දුම්රිය සේවය අඩපණ කරන්නට අපේ කිසිදු බලාපොරොත්තුවක් නෑ.පිටරට වල නම් දුම්රිය සේවය දියුණු වෙලා තියෙන්නේ එයට අයත් ඉඩම් නිසි පරිද කලමණාකරණය කිරීම තුලින් පමණයි. නැතුව ඉඩම් විකිණිම හෝ බදු දීම නිසා නොවෙයි. දුම්රිය සේවය හා බස් සේවය ඒකාබද්ධ පොදු ප්‍රවාහන සේවයක් බවට පත් කරන දැවැන්ත වැඩසටහනක් ඇති කරන්න පියවර ග්නවා. මේ යටතේ දුම්රිය,ගුවන්,බස්සේවය නිසි පරිදි ඒකාබද්ධ පොදු ප්‍රවාහන සේවයක් යටතේ ක්‍රියත්මක කරන්නට පියවර ගන්නවා.ඒ යටතේ සිදුකරන වෙනස්කම් රැසක් මේවන විට සිදු කරමින් සිටිනවා. මෙම සංවර්ධන කටයුතු අවසන් වන්නේ 2025 වර්ෂයේ දී යි. එය පළමු දෙවන තෙවන ආදි වශයෙන් පියවර අනුව සංවර්ධන කටයුතු දියත් කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දුම්රිය සේවාව සම්බන්ධයෙන් කතා කරන විට කණු මත ධාවනය වන නවතම විදුලි දුම්රිය සේවාව කොළඹ නගරය ආශ්‍රිය ආරම්භ කිරීමට පියවර ගන්නවා.මෙයට අමතරව, නිවතම ආකාරයේ පහසුකම්,වායු සමනය කල දුම්රිය මැදිරි, තාක්ෂණය හා ලෝකයේ දුම්රිය සේවය සම්ම්බන්ධයෙන් දියුණුවට ගෙන ඇති පියවර රැසක් මෙහි දී ඉදිරිපත් කරනවා. මේ යටතේ ඔන් ලයින් යටතේ ප්‍රවේශ පත් වෙන්කර ගන්නට දෙස් විදෙස් දුම්රිය මගින්ගේ පහසුව හා අතර මැදියන්ගෙන් ගසා කෑමට ලක්වන පිරිස්වලට සහන සැලසීම හා දුම්රිය මගින් ගසාකන ජාවරම් ද නැති කරන්ට තමයි මේ ආකාරයේ තාක්ෂණය යොදවා ගෙන තියෙන්නේ සමහර ජාවාරම් කරුවන් බරපතල ලෙස දෙස් විදෙස් දුම්රිය මගින් ගසා කනවා.සමහර දුම්රිය මගින්ගේ දුම්රිය ප්‍රවේශපත් අඩුමිලට අරගෙන වැඩි මුදලට විකුණන ජාවාරමක් රටපුරා දුම්රිය නැවතුම් පොළවල් ආශ්‍රිතව සිදුකරනවා. අපේ රටේ දුම්රිය ස්ථානවල පහසුකම් නෑ.හරියට වැසිකළියක් වත් නෑ. මේ නිසා පිරිමි මගින්ට වඩා ස්ත්‍රි මගින් තමයි අසිරුවට පත් වන්නේ.සමහර දුම්රිය පාලක මැදිර තුළ සහසුකම් ඇත්තේම නෑ. එහෙම පහසුකම් නැතුව වුවත් දුම්රිය සේවකයන්,නිලධාරින් පාලන අධිකාරිය සිදු කරන මෙහෙවර අගය කළ යුතුව තියනවා. මේ අනුව ව්‍යාපාරික කොටස් සමඟ සම්බන්ධ වී දුම්රිය නැවතුම් පොළවල් සංවර්ධනය කරන්න්ට පියවර ගන්නවා. එහෙම කරන්න පියවර ගත්තාම සමහර වෘත්තිය සමිති කියවා ද දන්නේ නෑ දුම්රිය විකුණන්න හදනවාය කියලා.එහෙම වෙන්නේ නෑ. දුම්රිය මාර්ග වලට නව තාක්ෂණය හදුන්නා දී නව විදුලි සංඥා පද්ධතියක් ඇති කරන්ට දැන් සිටිම කටයුතු සිදු කරනවා.යල්පණ ගිය සංඥා පද්ධතියක් තමයි ශ්‍රි ලංකා දුම්රිය සතුව තියෙන්නේ. ඒ නිසා මෙය නවින කළ යුතුයි.දුම්රිය සේවය දියුණු කරන්ට දුම්රිය කට්ටල අලුතින් එක් කරන්නට පැරණි දුම්රිය මාර්ග සංවර්ධනය කරන්නට පියවර ගන්නවා.ඒ යටතේ වැය කරන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 1200 ක් පමණ වෙනවා.දුම්රිය සේවයේ ප්‍රමාදය වලක්වන්ට ද විවිධ වු පියවර ගන්නවා. වේගය වැඩි කරන්නට පියවර ගන්නා අතර,ඉන්දියාව ඇමරිකාව ආදි රටවලින් ආධාර සේවා පහසුකම් ගන්නවා. අධිවේගි බස් සම්බ්ධයෙන් ද විවිධ ප්‍රශ්ණ තියනවා.කාර්යාල බස් සේවය,බස් ප්‍රමාණය ප්‍රවාහන සේවයට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් නෑ. මේ නිසා බස් රථ 2000 ක් ඉදිරියේ දී ලංකාවට ආනයනය කර මගින් බස් රථ සේවා විදිමත් කරනවා.එහි දි අපගේ අරුමුණ වන්නේ තන් තනයම තම පුද්ගලික වාහන වලින් නගරයට පැමිනෙන පිරිස්වලට වායු සමනය කළ ඉඩ කඩ ඇති ගුණාත්මක හා මිල අඩු ප්‍රවාහන සේවයක් ඇති කිරිම මෙහි අරමුණයි. ලංකාවට බස් රථ 6000ක පමණ ප්‍රමානයක් අවශ්‍ය වුවත් දැනට අප සතුව ඇත්තේ බස් රථ 5800 ක් පමණ ප්‍රමාණයක්. මෙයට අමතරව, බස් රථ රිය දුරුන්ගේ හිඟයක් ද තියනවා. මේ නිසා බස්රථ රියදුරන් වැඩි පිරිසක් වැඩි කාලයක් රියදුරු අසුනේ අසුන්ගෙන සිටින්නට සිදු වීම නිසා මාර්ගවල අනතුරු වැඩිවන්ට ද හේතු වෙනවා. වැඩි කාලයක් රියදුරන් සේවය කිරීම තුලයි මෙය සිදුවන්නේ. බස් රථ රක්ෂණය කරන්නට නිසික්‍රමවේදයක් නෑ. එයට හේතුව තමයි මේ ලංගම බස් රථ වල ඇත්තේ බාල අමතර කොටස්. ඒ නිසා (තට් පාට්) නියමිත පරිදි රක්ෂණය සිදුරන්නට නොහැකියි. රක්ෂණ කටයුතු පෙර සිට පැවත ආ ආකාරය මත මගින්ට යම් අනතුරක් සිදු වු අවස්ථාවක දී රක්ෂණ දීමනා හා වෛද්‍ය පහසුකම් ආදිය ලබා ගන්නට මුදල් ලබා දෙන්නට ද හැකියාවක් ශ්‍රි ලංගම සතුව තියනවා. ලංකාවේ ගුවන් සේවා අංශයේ දියුණුවට පියවර රැසක් ගන්නවා. මේ යටතේ නව ගුවන් සේව රැසක් දෙස් විදෙස් වශයෙන් ආරම්භ වෙනවා.රට තුල ගුවන් සේවා පහසුකම් දියුණුව යටතේ,රත්මලාන,පළාලි ආදි ගුවන් පථ හරහා නව ගුවන් සේවාවන් රැසක් දේශිය මාර්ගයෙන් ආරම්භ කරනවා.මේ යටතේ ගුවන් මගින් 80 ක් දක්වා මගින් රැගෙන යන යානා ආරම්භ කරනවා. ලංකාව හා දකුණු ඉන්දියාව අතර නවතම ගුවන් සේවයක් ද ඇති කරන්න් පියවර ගන්නා බව කියන්න කැමැතියි.මේ යටතේ ගුවන් සේවාව දියුණු කරන්න සංවර්ධනය කරන්න පියවර ගන්නවා. ශ්‍රි ලංකා ගුවන් සේවයේ නවතම අංගයක් වශයෙන් ලංකා ගුවන් පථයේ නිරතුරුවම ගමන් ගන්නා දෙස් විදෙස් ගුවන් යානාවලින් මුදල් අය කරන්නට පියවර ගන්නවා.මේ යටතේ අප රටේ පෙර පැවැති අය කිරීම් ප්‍රමාණවත් නෑ. මේ නිසා විධිමත් ආකාරයට ජාත්‍යන්තර මිළ ගණන් අනුව මිල ගණන් අය කරන්නට ශ්‍රි ලංකා ගුවන් සේවය කටයුතු කරනවා.මේ නිසා මහා ධනස් කන්දයක් ගුවන් සේවයට එක් කරගන්න හැකියාව තියනවා. රටපුරා ගුවන් තොටවල් සංවර්ධනය කර පහසුකම් ලබා දෙනවා. මේ වන විට ගුවන් සේවා පරියන්තවල ගුවන් මගින් මිලියන 6කට තමයි පසුගිය කාලයේ පහසුකම් තිබුනේ. නමුත්,එය අපි දැනට ගුවන් මගින් මිලියන 10 දක්වා පහසුකම් වැඩි කරන්ට පියවර ගෙන තියනවා.මේ යටතේ ගුවන් මගින්ගේ ද ගුවන් මගින්ගේ ඥාතින්යට ද හිතුවතුන්ට ද පහසුකම් සපයන පරිදි ගුවන් තොටු පොළවල් සංවර්ධනය සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. අපි කොතරම් සංවර්ධනය කළත් ඒ ගැන සමහර ජනමාධ්‍යවල නියමිත පරිදි පල වන්නේ ප්‍රචාරය වන්නේ නෑ.අවස්ථාවක් ඉඩක් දෙන්නේ නෑ. අපි ද අප අමාත්‍යංශ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ප්‍රචාරයක් ගන්නට යන්නේ නෑ. නිමල් අල්ගෙවත්ත
 

More News..