brand logo

ක්‍රිකට් මේ තත්ත්වයට පත්වෙන්න හේතුව ක්‍රීඩකයන්

18 February 2019

වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද වන විට පත්ව සිටින තත්ත්වයට හේතුව කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ දෙරණ නාළිකාවේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්. මුරලි එහිදී දැක්වූ අදහස් පහතින්, ක්‍රිකට් ක්‍රීඩාව කොළඹට විතරයි, පිටට ගිහිල්ලා නැහැ. දැන් මමත් නුවරනේ. මට එන්න වුනා කොළඹට ඇවිල්ලා තමයි ක්‍රිකට් ගහන්න පුළුවන් වුණේ. ලොකු ග්‍රවුන්ඩ් හැදුවා කියලා මේක හැදෙන්නේ නැහැ. මේක තියෙන සිස්ටම් එක වැරදියි. ක්ලබ් සිස්ටම් එක. මම කියන්නේ දිස්ත්‍රික් පළාත් මට්ටමට ගෙනිච්චේ නැත්නම් ගමේ ඉන්න කොල්ලෙක්ට කවදාවත් ලංකාවට ක්‍රිකට් ගහන්න බැහැ. 1996ට ඉස්සෙල්ලා, අපි ගහනේ ක්‍රිකට්, ටෙස්ට් මැච් එකකට ගෙව්වේ රුපියල් 2,500යි. එක්දින එකකට ගෙව්වේ රුපියල් 1000යි. දැන් ටීම් එක බලන්න ‌ෆේස්බුක් එකෙයි මේකෙයි වෙන දේවල්. අපේ ටීම් එකේ සමහරක් වෙලාවට ගහගත්තත් එක්ක. නමුත් එකක් එළියට ගියේ නැහැ. ඒ කියන්නේ බවුන්ඩ්‍රි ලයින් එක ඇතුළට ගියාට පස්සේ අපේ ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. 2016 ඉදන් මම ක්‍රිකට් බෝඩ් එක ඇතුළටවත් ගිහිල්ලා නැහැ. අවුරුදු 3ක්. කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරිදේවල් තියෙනවා. මම කියනවා ඔ්ක හදන්න බැරි දෙයක් කියලා. කවුරු ආවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ. හතුරුසිංහ හොද දක්ෂ පුහුණුකරුවෙක්. පුහුණුකරුවෙක්ට නැෂනල් ටීම් එකක් හොද වෙන එකයි නරක වෙන එකයි පුහුණුකරුවෙක්ගේ අතේ නෙමෙයි තියෙන්නේ. ප්ලේයර්ස්ලගේ අතේ තියෙන්නේ. පුහුණුකරුට මොකුත් කරන්න බැහැ. මට ඇවිල්ලා දූෂ්රාවක් දාන්න කියලා දෙන්න පුළුවන් ද ? සංගක්කාරට ගහන විදිහ කියලා දෙන්න පුළුවන්ද ? බැහැ. දක්ෂතාවය තියෙන කෙනෙක් තමයි එතනට යන්න ඔ්නේ. එතන පුහුණුවෙන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ මෑන් මැනෙජ්මන්ට්. හොද මැනේජර් කෙනෙක් හොද පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්. රවී ශාස්ත්‍රී ක්‍රිකට් ගහලා තිබ්බට එයා මෑන් මැනේජ්මන්ට්. එයා ගිහිල්ලා ටෙක්නික් කියලා දෙන්නේ නැහැ, විරාට් කෝලිට මෙහෙම ගහන්න කියලා. ඒකයි හතුරුසිංහට වැරදුනේ. එයාගේ මෑන් මැනේජ්මන්ට් හරි නැහැ. කවදාවත් කෝච් කෙනෙක් ස්ලෙක්ටර් කෙනෙක් වෙන්න බැහැ. ඒක හරි අසාධාරණයි. මම සාමාන්‍යයෙන් කොළඹින් ඡන්දය ඉල්ලුවොත් දිනයි. ක්‍රිකට් බෝඩ් එකෙන් ඡන්දය ඉල්ලුවොත් පරිදිනවා. මට එක ඡන්දයක්වත් ලැබෙයි ද කියලාවත් ෂුවර් නැහැ.
 

More News..