brand logo

ක්‍රිකට් තරග පාවාදීමේ ක්ෂේම භූමිය ඉන්දියාවයි - අයි.සී.සී ය

24 June 2020

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ තරග පාවාදීම්වලට සම්බන්ධ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන සම්බන්ධීකාරක ස්ටීව් රිචඩ්සන් පවසා සිටින්නේ ඔවුන් සිදුකරන පරීක්ෂණ 50ක් අතුරින් බහුතරයකට ඉන්දියාවේ දූෂිතයින් සම්බන්ධ බවයි. ඉන්දීය නීතිය අනුව තරග පාවාදීම සාපරාධී වරදක් බවට පත්වනතුරු මෙම තත්ත්වයෙන් මිදීමට ක්‍රමයක් නොමැති බව ඔවුන්ගේ මතයයි. ‘තරග පාවාදීමේ නීතියක් ගෙනා පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැන් වඩා හොඳින් ආරක්ෂා වී තිබෙනවා. නමුත් ඉන්දියාවේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කිසිදු නීති සම්පාදනයකින් තොරවයි. ශක්තිමත් නීතියක් පවතිනවානම් අයි.සී.සී. යේ ඉසව් ආරක්ෂාකාරීව පවත්වන්න අවස්ථාවක් ලැබෙනවා’ යි යනුවෙන් රිචඩ්සන් වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.
 

More News..