brand logo

ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

02 April 2021

  ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් ' පරිපාලන කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම්දී තිබුනු නිසාවෙන් ය. මෙහි මූලිකත්වය දරන්නේ මහාචාර්ය අර්ජුණ ද සිල්වා විසින් වන අතර ඇෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය එහි සෙසු සාමාජිකයන් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය.
 

More News..