brand logo

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයාට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

27 August 2020

2019 මාර්තු මාසයේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා බැතිමතුන් 51 දෙනෙකු මරා දැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නවසීලන්ත අධීකරණය නියෝග කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙටන් ටැරන්ට් නමැති 29 හැවිරිදි තරුණයෙකුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට ඔහු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ තවත් 40 දෙනෙකු තුවාල ලැබුවේය. ඔබ සාහසික ලෙස මිනිසුන් ඝාතනය කර තිබෙනවා. ඔබට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී සිර මැදිරි තුළ මියයන තුරු රඳවා තිබුණද එය මෙම සිදුවීමට ප්‍රමාණවත් මදි. ඔබ පියතුරුලේ සිටි වයස අවුරුදු 3ක දරුවෙකුටත් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ඔබ චෝදනා 51කට වැරදිකරුවෙක්. ඒ වගේම ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර තිබෙනවා. මම නියෝග කරනවා මෙම ඝතකයා මියයන තෙක් සිරගත කිරීමට.යනුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේය. නඩු විභාගය පැවැත්වෙන අතරතුර ක්‍රයිස්චර්ච් මහාධිකරණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්ථා කළේය. නවසීලන්ත ඉතිහාසයේ මෙවැනි දඬුවමක් පැනවූ පළමු අවස්ථාවද මෙය වෙයි
 

More News..