brand logo

ක්‍රයිස්චර්ච් වෙඩි ප්‍රහාරය ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින් කතාකරයි

15 March 2019

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49දෙනෙකු පමණ මියගොස් තිබේ. සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේව මෙහෙයට සහභාගී වීම සඳහා ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් දේවස්ථානය වෙත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද පිටත්ව ගොස් ඇත. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ලොව පුරා ක්‍රීඩකයින් ට්විටර් හරහා අදහස් දක්වා තිබේ.    
 

More News..