brand logo

ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් සුරතලියක්

06 September 2020

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කරන විවාහක පොලිස් නිලධාරීන්ට නිල නිවාස ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වුවත් එහි ඉහළ පොලිස් කාන්තාවකගේ මැදිහත් වීමෙන් සිය හිතවතෙකුට පොලිස් කොමිසමේ ඉහළ නිලධාරියෙකු මැදිහත් කර ගෙන නිල නිවසක් ලබා දී ඇත. පොලිස් කොමිසමේ අදාළ ඉහළ නිලධාරියාගේ බලය ලබාගෙන කටයුතු කරන මෙම පොලිස් කාන්තාව සති පතා පැවැත්වෙන ප්‍රධානියාගේ දේශනයටත් නොපැමිණෙන අතර සිය හිතවතුන්ගේ කටයුතු ඇය මැදිහත්ව කොමිසමෙන් සිදු කර දෙන බව වාර්තාවේ. ස්වාධීන යැයි සඳහන් පොලිස් කොමිසම පිහිටුවීමේ මූලික කරුණ ද පසෙකලා සිය හිතවතුන්ට පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කර දීමට කටයුතු කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් අසරණ වී ඇත. මධුභාෂණ හේරත්
 

More News..