brand logo

ක්ලීන්ටෙක් සමාගම ඉලෙක්ට්‍රොනික කසළවලින් පරිසරයට වන හානිය තුරන් කිරීමේ විප්ලවය උදෙසා කැප වෙයි

28 October 2019

21 වන සියවස ඔස්සේ ඉදිරියටම ගමන් කරන නූතන ලෝකයේ නවීන තාක්‍ෂණික ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කිරීම දවසින් දවස බහුල වශයෙන් සිදු වේ. කාලයත් සමග එම මෙවලම්වල ආයු කාලය දවසින් දවස අඩු වීම නිසා ඒවා ඉවතලන ද්‍රව්‍ය වශයෙන් බැහැර කිරීමට නිරන්තරව සිදු වීම මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. ජංගම දුරකථන, පරිගණක, මුළුතැන්ගෙයි උපකරණ සහ ගෘහ විදුලි උපකරණ වැනි නිෂ්පාදන වර්තමාන ජන ජීවිතයේ නැතුවම බැරි තත්වයට පත්ව ඇති අතර ඒවායේ ආයු කාලය නිමා වී අපද්‍රව්‍ය ලෙස බාහිර පරිසරයට මුදා හැරීමෙන් ජල දූෂණය, වායු දූෂණය, පාංශු දූෂණය ඇතුළු මහජන සෞඛ්‍යට තර්ජනයක් වන පාරිසරික ප්‍රශ්න ඇති කරමින් ජන ජීවිතය විශාල අවදානමකට ලක් කර ඇත. මේ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට දිවයිනේ ප්‍රධාන ව්‍යාපාර ජාලයක් වන අබාන්ස් සමූහ ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපාරය වන ක්ලීන්ටෙක් සමාගම සුවිශේෂී මෙහෙවරක නියැළෙමින් සිටියි. මෙහිදී ඉවතලන ඉලෙක්ට්‍රොනික කැළි කසළ වෙන් කර ගැනීමට ඔවුන් විසින් කටයුතු කරනු ලබයි. ඒ අන්දමින් වෙන් කර ගන්නා කොටස් වැඩි දුර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ජපානය සහ බෙල්ජියම වැනි රටවලට අපනයනය කරනු ලබන අතර එහිදී ඒවායේ ඇති වටිනා වානේ කොටස් නිස්සාරණය කර ගනු ලබයි. මෙහිදී ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ජංගම දුරකථන වැනි නිෂ්පාදනවල ඇති පෞද්ගලික දත්ත යනාදිය පිටස්තර අයෙකුට ආපසු ලබා ගැනීමට නොහැකි වන ලෙස විනාශ කරන බවයි.
 

More News..