brand logo

කළු ජාතිකයාගේ මරණයෙන් ඇමරිකාව පුරා කලබල

01 June 2020

ඇමරිකානු කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැත්තා පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වීමට එරෙහිව පැනනැගුණු විරෝධතා නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත විසිපහකට ඇඳිරි නීතිය පනවා ඇත. නිරෝධායනකරුවන් ධවල මන්දිරයටද පහර දෙන ආකාරයේ දර්ශන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳ නිල තොරතුරු මෙතෙක් තහවුරු වී නැත. කෙසේ වෙතත් නගර කිහිපයක් යුද කලාපයක් බවට පත්ව ඇති අතර විරෝධතාකරුවෝ ​ගොඩනැගිලි ගිනි තබමින් සහ පොලිසියට පෙට්‍ර්ල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් කලබල කරද්දී පොලිසියද රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇත. ​ඩොලර් විස්සේ හොර නෝට්ටුවක් ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැත්තා එරට සුදු ජාතික පොලිස් නිලධාරියකු අතින් මියයන ආකාරය පිළිබඳ වීඩියොවක් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත විය. ඒ සමගම කළු ජාතික ඇමෙරිකානුවන් දැඩි සේ කුපිතව වීදී බට අතර ප්‍රාන්ත 25ක ආණ්ඩුකාරවරු සිය ප්‍රසිද්ධ ප්‍රකාශ හරහා විරෝධතාකරුවන්ට ‘පාරට බැසීමට’ අනුබල දුන්හ. මේ නිසාම විරෝධතා මැඩපැවැත්වීමට ඊයේ රාත්‍රිය වනවිට එක්සත් ජනපද ජනාධිපතිවරයාට ‘ජාතික ආරක්ෂක බළකායද’ යෙදවීමට සිදුව තිබේ. මෙය ඇමරිකානු මෑත ඉතිහාසයේ දැවැන්තම සිවිල් නොසන්සුන්තාව ලෙස වාර්තා වේ. නයන තරංග ගමගේ
 

More News..