brand logo

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

01 June 2021

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සේවකයින් අද (01) රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. එම සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01) දහවල් පැයක කාලයක් විරෝධතාවයේ නිරතව සිටියහ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සදහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙස උද්ඝෝෂණයේ නිරත වූ සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම නිසි ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.
 

More News..