brand logo

කළුදිය පොකුණ බාලිකා පාසලකට පවරයි

18 September 2020

  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන 2020 "උරුමය තනි නොකරමු " වැඩ සටහන යටතේ දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරකය භුමිය හෙවත් දක්ඛිණගිරි විහාර පුරාවිද්‍යා භුමිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා ඇත. එය අද දින(18) දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී සිදු කෙරුණා. පුරාවිද්‍යා සංගමය කළ ඉල්ලීමක් අනුව ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කිරීම, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට දරුවන් යොමුකිරිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පාසල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. දිවයිනේ ප්‍රථම වතාවට පුරාවිද්‍යා ස්ථානයක භාරකාරත්වය පාසලකට පැවරු අවස්ථාවක් ලෙස මෙය සුවිශේෂී සිද්ධියකි. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසුරිය මහතා මෙහිදී කියාසිටියේ දිවයිනේ ඕනෑම පාසලකට, විශ්වවිද්‍යාලයකට දහම්පසලකට පිරිවෙනකට මෙවැනි පුරාවිද්‍යා ස්ථාන වල භාර කාරිත්වය ලබාගත හැකි බවයි.
 

More News..