brand logo

කළුතර 752කට කොවිඩ්

11 November 2020

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 752 දෙනෙකු අ​ද(11) දිනය වන විට හඳුනා ගෙන ඇත. එයින් වැඩිම රෝගීන් පිරිසක් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර හොරණින් 116දෙනෙකු හඳුනා ගෙන ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. අගලවත්ත ප්‍රදේශයෙන් රෝගීන් 22දෙනෙකු, බණ්ඩාරගම ප්‍රදේශයෙන් රෝගීන් 64දෙනෙකු , බුලත්සිංහල ප්‍රදේශයෙන් රෝගීන් 40දෙනෙකු ,දොඩංගොඩ ප්‍රදේශයෙන් රෝගීන් 4දෙනෙකු, බේරුවල ප්‍රදේශයෙන් රෝගීන් 69දෙනෙකු , ඉංගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 84දෙනෙකු , කළුතර ප්‍රදේශයෙන් රෝගීන් 53දෙනෙකු ,මදුරාවල ප්‍රදේශයෙන් රෝගීන් 40දෙනෙකු , මතුගම ප්‍රදේශයෙන් රෝගීන් 67දෙනෙකු , මිල්ලනිය ප්‍රදේශයෙන් රෝගීන් 37දෙනෙකු, පාලින්දනුවර ප්‍රදේශයෙන් රෝගීන් 11දෙනෙකු, පානදුර ප්‍රදේශයෙන් රෝගීන් 63දෙනෙකු , වාද්දුව ප්‍රදේශයෙන් රෝගීන් 60දෙනෙකු හා වලල්ලාවිට ප්‍රදේශයෙන් රෝගීන් 22දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත. එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් 11,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් 8 දෙනෙක් වන බව වෛද්‍ය රත්නායක මහතා කිය.
 

More News..