brand logo

කළුතර නර්ස්ට කොවිඩ් කතාව බොරුවක්

15 October 2020

කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන හෙදියකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව එම රෝහලේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අප නාගොඩ මහ රෝහලෙන් කළ විමසීමකදි එහි ආසාදන පාලන නිලධාරීනි දීපානි පුෂ්පකුමාරි මහත්මිය පැවසුවේ එම රෝහලේ කිසිදු හෙදියකට මෙතෙක් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවයි. පෙරේදා දිනයේ (13) හෙදියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කළ නමුත් ඉන් කිසිදු හෙදියකට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව ද ඇය අප වෙත පැවසීය. එමෙන්ම ඊයේ (12) දිනයේදී කිසිදු හෙදියකට පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකළ බවත්, ඇතැම් වෙබ් අඩවි වල ඵලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නාගොඩ මහ රෝහලේ ආසාදන පාලන නිලධාරීනි දීපානි පුෂ්පකුමාරි මහත්මිය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..