brand logo

කළුතර දිස්ත්‍රික්කයේ 663කට කොවිඩ්

09 November 2020

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 663 දෙනෙකු අද(09) වන විට හඳුනාගෙන ඇත. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15කින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත. එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනෙක්,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් හය දෙනෙක් වන බව වාර්තා වේ. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් පිරිසක් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වන බව ළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. හොරණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගෙන ඇත . අගලවත්ත ප්‍රදේශයෙන් 19දෙනෙකු, බණ්ඩාරගම ප්‍රදේශයෙන් 63දෙනෙකු , බුලත්සිංහල ප්‍රදේශයෙන් 28දෙනෙකු ,දොඩංගොඩ ප්‍රදේශයෙන් 3දෙනෙකු, බේරුවල ප්‍රදේශයෙන් 69දෙනෙකු , ඉංගිරිය ප්‍රදේශයෙන් 75දෙනෙකු , කළුතර ප්‍රදේශයෙන් 52දෙනෙකු ,මදුරාවල ප්‍රදේශයෙන් 30දෙනෙකු , මතුගම ප්‍රදේශයෙන් 66දෙනෙකු , මිල්ලනිය ප්‍රදේශයෙන් 28දෙනෙකු, පාලින්දනුවර ප්‍රදේශයෙන් 9දෙනෙකු , පානදුර ප්‍රදේශයෙන් 62දෙනෙකු , වාද්දුව ප්‍රදේශයෙන් 47දෙනෙකු හා වලල්ලාවිට ප්‍රදේශයෙන් 22දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත.
 

More News..