brand logo

කළුතර ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කෙරේ

23 October 2020

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා වසම් එලෙස හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බවයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.
 

More News..