brand logo

කළුතරදී ඇල්ලූ 4ටම කොවිඩ් නිසා පොලීසිය අවදානමේ

16 November 2020

කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදි පසුගිය 07 වැනිදා ආයුධ සන්නද්ධව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (16) තහවුරු වී තිබේ. මොවුන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර බූස්ස බන්ධනාගාරයට යොමු කෙරුණු මෙම පිරිස පසුගිය 13 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත. එහිදී තහවුරු වී ඇත්තේ ඔවුන්ගෙන් සිව්දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගැනීම සහභාගි එක්වූ දකුණු කළුතර පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, කළුතර අධිකරණයේ සේවකයින් සහ බන්ධනාගාර නිලධාරීන් ද අද (16) පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර තිබේ. ඉන් අනතුරුව එම නිලධාරීන් පිරිස ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..