brand logo

කළුතරට ජාතික පාසල් 3ක්

15 January 2020

කළුතර දිස්ත්‍රික්කයට  තවත් ජාතික  පාසල් තුනක් ලබාදිමට කටයුතු කරන බව කළුතර දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා  පසුගිය (13) දා කළුතර දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටු රැස්වීමෙිදි  පැවසීය. ඒ අනුව  වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලය,  බදුරලිය  කඹුරාවල මහා  විද්‍යාලය,  සහ  මීගහතැන්න  මෙරිල්කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් ලෙස උසස්  කිරීමට  දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටුවෙි යෝජනාව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන බව මන්ත්‍රී  වරයා කීවේය . දැනට ජාතික  පාසල් නැති ප්‍රදේශවල දෙමාපියන්,ගුරුවරුන් ,විදුහල්පතිවරුන් ,සහ ආදිශිෂ්‍යයින්ගේ ඉල්ලීම අනුව  මෙම පාසල් ජාතික පාසල් බවට පත් කරන බව පියල් නිශාන්ත මහතා කීවේය . සෝමරත්න පොද්දෙණිය - මීගහතැන්න
 

More News..