brand logo

කළුගඟ ජලාශයේ දියවර මුදාහැරේ

07 November 2019

21 වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස හැදින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු විය. රජ රට ජනතාව දුටු දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව නිම කෙරුණේ ජනාධිපතිවරයාගේ අසීමිත කැපවීම හා දැඩි අධිෂ්ඨානය හේතුවෙනි. අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ක`ථගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරිම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතු`ථ මහජන නියෝජිතයන් සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..