brand logo

කළින් ආණ්ඩුව පොහොර සමාගම් වලට රුපියල් බිලියන 23ක් ණයයි

12 January 2020

පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බව පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(11) පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයකදී සඳහන් කළේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරුනු ලබන ‘’වාරි සෞභාග්‍ය’’වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වූ අමාත්‍යවරයාමෙසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට රට තුළ ඇති වී තිබෙන පොහොර හිගයට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ පසු ගිය ආණ්ඩුව බවයි. "පොහොර සමාගම්වලට ගෙවිය යුතු බිලයන 23න් බිලියන 6 ක් මේ වන විට බොහොම අමාරුවෙන් ගෙවා නැවත පොහොර ලබා ගන්න කටයුතු කළා. කෙසේ නමුත් කෘෂි රසායන භාවිතය අතින් අපි ඉහළ තැනක ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝකයෙන්ම වස කවන ප්‍රධානම රට බවට අපි පත් වෙලා තිබෙනවා.මේ රටේ ගොවියෝ අපිට කවන්නේ වස බව එහි සඳහන් වෙනවා. මෙම තත්වය වහා වෙනස් විය යුතුයි. රසායනික පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය අතින් අපි ඉතාමත් නරක තැනක ඉන්නවා . මේ නිසා මේ රටේ වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා.මෙම තත්වය අපි වහා වෙනස් කර ගත යුතයි. මේ රටේ ජනතාව කාබනික පොහොර කෙරේ විශ්වාසය තැබිය යුතුයි. එමෙන්ම නවීන තාක්ෂණය පිළිබදවත් මෙරට ගොවියන්ගේ දැනුම් වැඩි කළ යුතු බවය.
 

More News..