brand logo

කළමනාකරු ධුරය අතහැරි අසන්තා තේරීම් කමිටු සභාපති ධුරයෙනුත් අස්වෙයි

28 January 2021

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වෙන බව අසන්තා ද මෙල් මහතා ඊයේ ‘අරුණ’ට ප්‍රකාශ කරන ලදි. තේරීම් කමිටු සභාපති ධුරය හැරුණු විට ජාතික කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද මෙල් මහතා කටයුතු කළ අතර ඉකුත් දා අවසන් වූ එංගලන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයද ඇතුළුව සති 5ක කාලයක් තුළ පැවැති ටෙස්ට් තරග 4ක් ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වීමත් සමග තමන් දැරූ කළමනාකාර තනතුරෙන් ඉවත්වන බව හෙතෙම ප්‍රකාශ කළේය. එසේ ප්‍රකාශ කර පැය 72ක කාලයක් ගතවීමටත් මත්තෙන්, තේරීම් කමිටුවෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කළේ හටගත් උග්‍ර කලකිරීමක් නිසාදැයි ‘අරුණ’ විසින් නැගූ පැනයට ප්‍රතිචාර ලෙසින් ‘අනේ නැහැ. මේක මම මගේ පුද්ගලික හේතූන් මත ගත්තු තීරණයක්. පහුගිය ලෝක කුසලාන තරගාවලිය වන විට මේ වගකීම ගන්න කියලා මගෙන් ඉල්ලපු නිසා, මම තාවකාලිකවයි මේ තනතුරු ගත්තේ්’ යැයි ඒ මහතා පවසා සිටියේය. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..