brand logo

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටි 8 දෙනාට ඇප

05 August 2019

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර ඇත. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පිරිස අද(05)ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. අදාළ සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබු අතර කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත ආචාර්ය දිනේෂ් අමරතුංග ඇතුළු 8දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේය.
 

More News..