brand logo

කහ-බඩඉරිඟු පාලන මිල කඩාගෙන යයි

30 May 2020

පාලන මිල ඉක්ම වූ මිල ගණන්වලට කහ සහ බඩඉරිඟු අලෙවි කෙරෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල පාලනයට අනුව කහ කිලෝවක මිල රුපියල් 750ක් වන නමුත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 2000කට ආසන්න මුදලකටය. බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 55ක් වුවද අලෙවි වන්නේ රුපියල් 65කටය. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. වෙළෙඳපොළේ බඩ ඉරිඟු හිඟයක්ද පවතින අතර එය කුකුළු කර්මාන්තයේ ආහාර නිෂ්පාදනය සඳහාද බලපා තිබේ. සුළු පරිමාණ බඩ ඉරිඟු නිෂ්පාදකයන් රජයේ ඉල්ලීම මත බඩ ඉරිඟු තොග වෙළෙඳපොළට මුදා හැර තිබේ. එහෙත් උතුරුමැද පළාතේ සිටින මහා පරිමාණ බඩ ඉරිඟු තොග ව්‍යාපාරිකයන් සිය තොග මෙතෙක් වෙළෙඳපොළට මුදා හැර නොමැති බවද වාර්තා වෙයි.
 

More News..