brand logo

කහ ප්‍රශ්නය ලබන වසරේ අවසන්

13 October 2020

2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. වසරකට මෙට්‍රික් ටොන් 2500ක මෙරට කහ නිෂ්පාදනය වූ අතර ඉදිරියේ දී එය මෙට්‍රික් ටොන් 6000ක දක්වා වර්ධනය කිරිමට හැකි බව ද පැවැසීය. ඇමතිවරයා මේ අඳහස් පළ කළේ, අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහිදි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ,වාර්ෂික රුපියල් කොටි 150 මුදලක් වැය කරමින් කහ රටින් ගෙන් වූ බවත්,මෙය දේශිය නිෂ්පාදනය ගැටලුවක් බැවින් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට කහ ආනයනය කිරිම තහනම් කළ බව කීය. එම තීරණය මෙරට දේශීය ගොවියා දිරිමත් කිරිමට ගෙන ඇති බවත් එසේ සිදු කරන්නේ,මෙරට කෘෂිකර්මාන්තය නඟා සිදු විමටත්, ස්වශක්තියෙන් නැඟි සිටිනා මිනිසුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට බවත් කීය.
 

More News..