brand logo

කහඳගමගෙන් අභියෝගයක්

21 May 2022

"අතේ 69 අංකය ගහලා තිබ්බා."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විමර්ශන සිදුකරමින් ඇති බවට වාර්තා වේ. ඒ, ගාලු මුවදොර හා කොල්ලුපිටියේදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිදුවීමෙන් පසු මහින්ද කහඳගම මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතාබහට ලක්විය. එවන් පසුබිමක රහසිගත ස්ථානයක සිට ඔහු අද දෙරණට විශේෂ සාකච්ඡාවක් ලබාදී තිබුණි. "මම උදේ 9ට විතර අරලියගහ මන්දිරයට ගියා. මහින්ද මහත්තයාට යන්න එපා කියන උද්ඝෝෂණයට මමත් සහභාගී වුණා." "මහින්ද මහත්තයාගේ කථාව ඉවර වුණාම නවම් මාවත පැත්තෙන් මම නගර සභාවට ගියා. 12.30ට විතර ඇති. මන්ත්‍රීවරු ඔක්කොට ටීවී එක බලාගෙන හිටියා. ප්‍රහාර එල්ල කරනවා කියලා මටත් ලොකු විරෝධයක් දැක්වුවා. මමත් දැක්කේ ඒ වෙලාවේ." "මම ගියේ නැහැ. නගර සභාවේ CCTV දර්ශන බලන්න. මම නගර සභාවෙන් එළියට ආපුවාම මන්ත්‍රීවරයෙක් අතින් සංඥාවක් කළා. ඒත් එක්කම කට්ටියක් ආවා." "මගේ වාහනය වට කරලා මට ගහන්න ගත්තා. ඒත් සමගම මම වාහනයෙන් බැහැලා පාරෙන් එහා පැත්තට පැන්නා." "ඊට පස්සේ මට දිගින් දිගටම පහර දුන්නා. බයිපාස් එක කරලා මාස 3යි. හිසට තදබල ලෙස පහරදුන්නා." "මට සිහිය නැති වුණා. ඒ වෙලාවේ මගේ අතේ කරේ තිබුණු රත්තරන් බඩු ඔක්කොම අරගෙන." "රෝහලේ වාට්ටුවේදීත් මට පහරදුන්නා. ඒ අතරේ කවුරුහරි කෙනෙක් ඇවිත් මගේ අතේ 69 අංකය ගහලා තිබ්බා." "රෑ මම බලහත්කාරයෙන් ටිකට් කපාගෙන පිටවුණා. මගේ වාහනය ගිනිතියලා, නිවස කුඩු කරලා." "ගුටිකෑවේ මං, අගේ ඇඳිවත විතරයි තියෙන්නේ. ඔක්කොම ගිනිතියලා. මං පහරදුන්නා කියනවා නම් ඒ පහරදුන්න ඡායාරූප පෙන්වන්න." "මහින්ද මහත්තයා වෙනුවෙන් මම පෙනී සිටින්නේ, ඔහු පේමන්ට්කාරයා කියන නමට ස්වයං රැකියාකරුවන් කියලා හොඳ නමක් දුන් නිසා. මගේ පන්තිය වෙනුවෙන්.. අපි මැරෙනකම් ම එතුමාට ආදරය කරනවා."
 

More News..