brand logo

කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දෙති

21 April 2020

වාරියපොළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සහ ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුට පොලිසිය තුළදීම ඊයේ පහර දී ඇතැයි වාරියපොළ පොලිසිය පැවසීය. පහරකෑමෙන් අසාධ්‍ය තත්වයේ පසුවු පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිඛේ. පොලිස් නිලධාරියාට පහරදුන් පුද්ගලයාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධව මෙම පොලිස් නිලධාරියා විසින් වැටලීම සිදුකොට තිඛේ. පසුව මෙම නිලධාරියා මහපාරේ ගමන් කරනා විට අතර මගදී නවත්වා තමාගේ කසිප්පු ජාවාරමට ඇගිලි නොගසන ලෙස ජාවාරම්කරු තර්ජනය කොට ඇත. එය නොතකා පොලිස් නිලධාරීයා තමන්ට මුහුණ දීමට වු සිද්ධිය පිළිබද සටහනක් යොදා ඇත. ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයා පසුපල හඹාවිත් පොලිසියට පැමිණ ඇති කසිප්පු ජාවාරම්කරු සහ ස්වාමීන්වහන්සේ ඇතුලු මැර පිරිසක් පොලිස් නිලධාරියාට බැණවැදී හිසෙන් අල්ලා බිත්තියේ හප්පා ඇත. එම අවස්ථාවේ පොලිසියේ සිට ඇත්තේ කොස්තාපල්වරියක් සහ ආබාධිත තත්වයේ පසුවන නිලධාරියෙක් පමණි. පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..