brand logo

කසළ එකතු කරන මත්ලෝලීන් නිසා කොවිඩ් බෝවෙලාලු

18 November 2020

  කොළඹ නරගයේ තිබෙන මහල් නිවාසවල පදිංචිකරුවන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වූයේ කසළ එකතු කිරීමට ගිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය නිසා බව කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් ඊයේ (17 වැනිදා) ප්‍රකාශ කළේය. කොළඹ නගරයේ නිවාස 702ක් වැනි විශාල සංඛ්‍යාවක් ඇති මහල් නිවාස තිබෙන බව කී හෙතෙම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින පුද්ගලයන් ඉහළ මහල්ව ඇති නිවාසවල කසළ එකතු කිරීමට නගර සභා සේවකයන්ට ඉඩ නොදෙන බවද කීවේය. එක් නිවසකින් දිනකට රුපියල් 50.00ක් වැනි මුදලක් අය කරමින් මෙම පුද්ගලයන් විසින් ඉහළ මහල්වල සිට පහළට කසළ ගෙන එන අතර, මෙම පුද්ගලයින් සමාජයේ සෑම තැනකම සංචාරය කර කොවිඩ් ආසාදිතයන් බවට පත් වූ බවද කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී නාගරික මන්ත්‍රීවරයා මේ බව කීවේය. අජිත් අලහකෝන්
 

More News..