brand logo

කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් සමඟ පුද්ගලයෙකු මාට්ටු

11 September 2019

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් සිදුකළ වැටලීමකදි සැකකරුවෙකු සමඟ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම ඊයේ(10) පස්වරු 4.30ට සිදු කර ඇති අතර එහිදි මිනිස් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් සහ තරාදි 2ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගබඩාව භාර සැකකරු 50 හැවිරිදි වියේ පසුවන වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වතත්ල පොලිසියට භාර දී ඔහුට ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින දන්වා මුදා හැර ඇත.
 

More News..