brand logo

කවුරු මැරුණත් ආදාහනයට 6යි

07 October 2020

කොවිඩ් ව්‍යාප්තියත් සමග හොරණ නගර සභාව මගින් නගරයට පිවිසෙන ජනතාව අවම කිරීම සහ පැමිණෙන්නන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ පිළිබඳව ශබ්ද විකාශන මගින් සහ ප‍්‍රචාරක පුවරු යොදා ජනතාව දැනුම්වත් කිරීමේ ප‍්‍රචාරක වැඩපිළිවෙලක් අරඹා තිබේ. හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා පැවසුවේ නගරයේ මංමාවත්වල බුලත් කෙළ ගැසිමෙන් වැලකිම, මුඛ ආවරණ පැළදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ හැකි සෑම විටම අත්‍යවශ්‍ය කරුණකට පමණක් නගරයට පැමිණෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම ආදාහන කටයුතු සඳහා ආදාහනාගාරය භාවිතා කිරීමේ දි මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතින් 06 දෙනෙකුට පමණක් හොරණ ආදාහනාගාරයට ඇතුල්විමේ තාවකාලික සිමාවක් පනවා ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
 

More News..