brand logo

කවුරුත් හිතලා ෆේල් වෙන්නේ නැහැ

23 March 2019

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේදී මූලික කරුණු නිවැරදිව කළා නම් තරගය ජය ගැනීමට හැකියාව පැවති බව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ඉසුරු උදාන පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. ඇත්තටම ගොඩක් අප්සට්. මොකද මේ විකට් එකේ මම හිතන්නේ චේසබල් ටාර්ගට් එකක්. අපි විකට්ස් ටික අතේ තියන් හිටියට පවර් ප්ලේ එක ඉවර වෙනකොට විකට් හතරක් ගිහිල්ලා තිබ්බේ. ඒත් අපි අන්තිමට මැච් එක පැරදුනේ ලකුණු 16කින් විතර. මම හිතන්නේ අපි අපේ බේසික් ටික හරියට කරන් යනවා නම් මං හිතනවා අපිට උඩට එන්න පුලුවන්. මොකද මේ ටාර්ගට්ස් එක මේ ගැප්ස් වලට ගහපු ගමන් යනවා බවුන්ඩ්රීස්. මම මුලින්ම ට්‍රයි කළේ සින්ගල් එක දාලා ධනංජයට අවස්ථාව දෙන්න. ඊට පස්සේ මම ඇතුළෙන් ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා. අපි නිකන් ඔ්වර්ස් විස්ස ගහනවට වඩා ට්‍රයි කරන එක තමයි වටින්නේ. මොකද මැච් එක දිනන්න ඕනේ. ඊට පස්සේ ධනංජයත් Run Out වුණා. ඊ‌ට පස්සේ මම අකිලත් එක්ක ඉදිද්දි මම වැඩිපුර චාන්ස් එක අරන් බවුන්ඩ්‍රිස් ගහන්න තමයි බැලුවේ ගොඩක්. ඇත්තටම කවුරුත් හිතලා ෆේල් වෙන්න ගහන්නේ නැහැ. උපරිම ට්‍රයි කරනවා. එදා දවස අනුව තමයි කාටවත් මොකුත් කියන්න බැහැ.   https://youtu.be/g7JXVhVkutI වීඩියෝ - SportsPhotography.LK
 

More News..