brand logo

කවදාවත් මාව ප්‍රතික්ෂේප වෙලා නැහැ

13 February 2021

සංගීත් ප්‍රභූ පහුගිය කාලය පුරාම බොහෝ ටෙලි නාට්‍යවල විවිධ චරිත ඔස්සේ ඉතා අපූරු ලෙස ජීවත්වුනා.. අප දකිනවා. නමුත් පත්තර පිටු අතර සංගීත් ගැන ලියැවුණේ ඉතා අල්ප වශයෙන්. නමුත් ‘නාඩගම්කාරයෝ’ හි කවඩියා ලෙස සංගීත් පාන රංග රටාවලින් පසුව මේ ‘ඉලන්දාරියා’ ගැන නම් සටහනක් ලියා තැබීම තවදුරටත් පමා විය යුතු නැති වග අපට හැඟුණා. සංගීත් ප්‍රභූ මේ නම රඟපෑමට ආවට පස්සෙ හැදුණ නමක්ද? නැහැ, නැහැ. මේක තමයි මගේ නම. මගේ දෙමව්පියන් මට තියපු නම තමයි සංගීත් ප්‍රභූ. අනුරාධපුරයෙන් කොළඹ ආවෙ මොන වගේ අරමුණක් හිතේ තියාගෙනද? නළුවෙක් වෙන්න ඕන කියන බලාපොරොත්තුවෙන් තමයි කොළඹ ආවේ. ඒත් රඟපාන්න හම්බවෙයිද කියලා සැකයක් තිබුණා. දුරුතු සිනමා පාසලට ඇතුළුවෙලා ඉගෙන ගන්න කාලේ ‘කුටු කුටු මාමා’ නාට්‍යයේ විදු චරිතය තමයි මේ සිතුවිල්ල මා කරා ගෙන ආවේ. ඊට පස්සේ මට ‘සල්සපුනා’ නාට්‍යයේ චරිතයක් ලැබුණා. ඇත්තම කියනවා නම් ඒ නාට්‍යය ඇතුළේ තමයි සංගීත් කියන චරිතය ගොඩනැගුණේ. මෑත කාලයෙත් සංගීත් ප්‍රභූට විවිධ චරිත ලැබෙන්න හේතු වූ කාරණය කුමක් කියලද හිතන්නේ? මට මොකක් හෝ වෙනසක් තියෙන චරිත දිගටම ලැබුණා. මම පෙම්වතාද, දුෂ්ටයාද, කවටයාද කියලා බැලුවෙ නැහැ, මට ලැබුණ හැම චරිතයක්ම වගේ කළා. ඒ අතර ‘හුස්මක් තරමට’ සක්කාරං’ නාඩගම්කාරයෝ’ මේ කාලයේ රසිකයන් අතර රැඳුණ චරිත වුණා. ඒ එක්කම මේ දවස්වල විකාශය වෙන ‘නාඩගම්කාරයෝ’ නාට්‍යය විකාශය වෙන්න පටන් අරන් සති දෙකක් විතර යද්දි කවඩියාට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. නවකයෙක් විදිහට සංගීත් ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබාගන්නවාද... හැම නාට්‍යයක් ඇතුළෙම මම අලුත් කෙනෙක්. මොකද හම්බවෙන චරිතය අලුත්. එතැනදි හම්බවෙන අධ්‍යක්ෂවරයා, නළු නිළියෝ අලුත්, වටපිටාව අලුත්. නළුවෙක් කියන්නේ හැමදාම අලුතින් පටන් ගන්න කෙනෙක්. ක්ෂේත්‍රයේ මම ගිහාන් ප්‍රනාන්දු සර්ව අනුගමනය කරන්න කැමැතියි. ඒකට හොඳම උදාහරණය තමයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපාද්දි අපේ සජිත හරි, කෝකිල හරි රඟපාද්දි ඒ දර්ශනයේ මම නැත්නම් පැත්තකට වෙලා ප්‍රේක්ෂකයෙක් විදිහට දෙන්නා රඟපාන දිහා බලාගෙන ඉන්නවා. ඒක බලලා රස විඳිනවා. ඒ ප්‍රේක්ෂකයා නළුවෙක් විදිහට වැඩ කරද්දි දැකපු දේවල් මගේ රඟපෑමට එකතු කර ගන්නවා. හිස් අතින් ආපු සංගීත්ට කොළොම්පුර තරගය ජයගන්න එක පහසු වුණාද? මුලින්ම කොළඹ ඇවිත් කටුක ජීවිතයක් තමයි ගෙව්වේ. අපි කොළඹ පාරවල් දන්නෙත් නැහැ, කාවවත් අඳුරන්නෙත් නැහැ. මම කොළඹ ඇවිත් කොට්ටාවේ නතර වුණේ. අනුරාධපුරයේ ඉඳන් කොළඹ ඇවිත් මුලින්ම ඇවිද ගිය කොට්ටාවේ පාර දිගේ කවදා හරි මගේ මෝටර් සයිකලයකින් යනවා, කවදාහරි මගේම කාර් එකකින් යනවා, ඒ පාරෙම මම කවදාහරි ව්‍යාපාරයක් අරඹනවා කියන අධිෂ්ඨානය මට තිබුණා. අද ඒ හැම කාරණයක්ම මම ජය අරන් තියෙනවා. සංගීත්ගේ ගෙදර අය ගැන ගැන විස්තර මොනවද? මගේ ගම මිහින්තලේ. අපේ පවුලේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මල්ලියි ඉන්නේ. තාත්තා නම් මෑතකදි නැතිවුණා. මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඇය නිළියක් වෙන්න හීන මවපු කෙනෙක්. ඇය එදා දුටු හීනය තමයි අද මම සැබෑ කරලා තියෙන්නේ. නළුවෙක් වෙන්න දැකපු හීනයට ගෙදරින් හැමදාම ලැබුණේ ලොකු ශක්තියක්. මේ ගමනෙදි කැපිලි කෙටිලි තිබුණෙම නැද්ද... මාව කවදාවත් චරිතයකින් ප්‍රතික්ෂේප වෙලා නැහැ. මට එන්න කියපු හැම චරිතයක්ම කරලා තියෙනවා. මම හරි සරල විදිහට ගමේ කොල්ලෙක් විදිහට ජීවත් වෙන්නේ. මට ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි නැහැ. මම ගොඩක් අය එක්ක වැඩ කරලා තියෙනවා. ඒ හැමෝම මට හිතවත්. මගේ තාත්තා නැතිවුණ අවස්ථාවේ ලංකාවේ නළු නිළියන්ගෙන් බාගයක් විතර අනුරාධපුරයේ මිහින්තලේ තියෙන අපේ ගෙදරට ආවා මගේ දුක බෙදාගන්න. එතැනදි මට දැනුණා දෙයියනේ මට මේ තරම් හිතවත් අය ඉන්නවා නේද කියලා. උස අඩු කෙනෙක් වීම මේ ගමනට බාධාවක් වෙලාද... අනේ නැහැ, මම ඒක නිකමට කිව්වේ. කවදාක හරි මාව චිත්‍රපටයකට ගනියි. වෙන්න තියෙන දේවල් වෙලාවට වෙයි. මා ගැන ඍණ විදිහට හිතලා අවතක්සේරුවකින් බලලා මාව වට්ටාගෙන නැහැ. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..