brand logo

කලින් මොකුත්ම දන්නෑ කියූ ගිබ්ස් දැන් ලංකාවට එනවලු

18 November 2020

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ‘මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් සම්බන්ධ වන බව ප්‍රකාශ කර තිබේ. මීට පෙර තරග සංවිධායකයන් විසින් ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඞ්, රොෂාන් අබේසිංහ, දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ඇතුළු 6 දෙනෙක් මෙම තරගාවලියේ විස්තර විචාරය සඳහා එක්වන බවට ප්‍රසිද්ධකර තිබිණි. හර්ෂල් ගිබ්ස්ගේ නම ඊට ඇතුළත්ව තිබුණත් පසුව ඔහු ට්විටර් පණිවුඩයක් මගින් දක්වා තිබුණේ තමන් එවැනි සහභාගිත්වයක් සම්බන්ධයෙන් දැන නොසිටි බවයි. තවද ‘එය මටද ප්‍රවෘත්තියක් වුණා’ යනුවෙන් ඔහු සටහනක්ද තබා තිබුණි. ඒ හේතුවෙන් අදාළ විස්තර විචාරකයින් ලැයිස්තුවෙන් ගිබ්ස්ව ඉවත් කෙරුණු අතර පසුව තරගාවලි සංවිධායකයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව නැවතත් ඔහු තරගාවලියට සහභාගි වන බව සනාථ කර තිබුණේය.
 

More News..