brand logo

කලාකරුවන්ට හොඳ කලක් යයි ලු

28 December 2019

පසුගිය සතියේ දී ජනාධිපතිවරයා සහ කලාකරුවන් අතර ‘සුහද හමුවක්’ පැවැත්වීම ද විශේෂ සිදුවිමක් විය. මෙය සංවිධානය කර තිබුණේ කලා සංගම් රැසක මූලිකත්වයෙනි. ‘‘දේශීය කලාව සහ කලාකරුවා නගා සිටුවීමට මාගේ ධුර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට සහතික වෙනවා... විශේෂයෙන් ම රන්මිණිතැන්න තවදුරටත් දියුණු කරන්න කටයුතු කරනවා... කලාකරුවා ශක්තිමත් වෙන තරමට කලාව පොහොසත් වෙන බව මම දන්නවා...’’ මෙහිදී ජනාධිපතිවරයා කීවේ ය. මෙම හමුව වඩාත් රසවත් වූයේ, එය ගීත ගායනයෙන් ද, සංගීතයෙන් ද රසවත් වූ නිසා ය. බොහෝ කලාකරුවන් මෙහිදී ජනාධිපතිවරයා සමඟ සුහදව කතාබහ කරනු ද දැකගතහැකි විය.
 

More News..