brand logo

කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන විශාල ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

28 May 2019

මීගමුව අගුරුකාරමුල්ල ප්‍රදේශයේදි තාම අවම තත්ත්වයෙන් යුක්ත, ඉතා අඩු මිලකට ආනයනය කර තිබෙන, කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන විශාල ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බවයි. අගුරුකාරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැකකරුවන් විසින් කල් ඉකුත් වූ ආලේපන පැකට් වලින් ඉවත් කර නව ඇසුරුම් පැකට් තුළ අසුරා ව්‍යාජ කල් ඉකුත්වීමේ දින සටහන් කර එම ස්ථානයේ සිට රූපලාවන්‍ය කටයුතු සිදුකරන ස්ථානවෙත විකිණීම සහ බෙදාහැරීම සිදුකරන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් ඊයේ (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 10 වැනි දින දක්ළවා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
 

More News..