brand logo

කලගෙඩිහේනේදි වෑන් රථයකට පහරදුන් ඩිෆෙන්ඩරයේ සිටි ගණිත ගුරුවරයා ඇතුළු 8ක් අත්අඩංගුවට

22 July 2019

පසුගියදා කොළඹ - නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත විෂය සඳහා අමතර පන්ති පවත්වන දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22) අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ මස 29 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් 4 දෙනාද අද අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගියදා නියෝග කළේය.
 

More News..