brand logo

කලකට පසුව නන්දිකඩාල් කලපුව පිරෙයි (Photos)

22 November 2018

මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත වෙත පවතින අයහපත් කාළගුණ තත්වය මත කලකට පසුව නන්දිකඩාල් කලපූව අද(21) පිරී ඉතිරි ගොස් ඇති බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ කලපුව පිරීම හේතුවෙන් කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යන තත්වයක්ද හටගෙන ඇති බවයි. අවසන් යුධ සමයේ මුලතිව්,වෙල්ලමුල්ලිවයික්කාල වෙරළ තීරයේ රැදී සිටි සිවිල් ජනතාව වට්ටුවාකල් පාලම හරහා ආරක්ෂක අංශ ප්‍රදේශ වෙත පැමිණින. ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගිය වසර ගණනාවක් පැවති නියං තත්වය හේතුවෙන් කලපුව පිරි නොගිය අතර,මෙවර වර්ෂාව හේතුවෙන් කලපුව පිරී ඇති බවයි. කලපුව පිරීම හේතුවෙන් වැලි පර කඩාගෙන ජලය මුහුදට ඇදීයන බවද ප්‍රදේශවාසීන් සදහන් කළහ.
 

More News..