brand logo

කරූ නිසා සජිත් පිල හදිසි සාකච්ඡා - වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව සජිත් කියයි

18 September 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලේ හදිසි සාකච්ඡා මෙම දිනවල පැවැත්වෙයි. ඔවුන්ගේ ප්‍රධාන සාකච්ඡාව වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලහොත් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි යන්නය. මෙම බොහෝ සාකච්ඡාවන් එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර මොනම හේතුවක් නිසාවත් තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
 

More News..