brand logo

කරූ, දයාසිරි, දයා එක්ක වෙල්ගම කොරියාවට යයි

25 August 2018

කථානායක කරු ජයසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ සමග ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හෙට (26දා) කොරියානු සංචාරයක් සඳහා රටින් පිටව යන බව දයාසිරි ජයසේකර මහතා පැවසිය. කොරියානු සංචාරය පිළිබඳව අප කල විමසීමේදී දයාසිරි මන්ත්‍රීවරයා සඳහන් කලේ කොරියානු මිත්‍රත්ව සංගමය සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවකට සහභාගී වීම සඳහා තමන් ඇතුළු පිරිස නික්ම යන බවයි. කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සාමාජිකයන් ලෙස දයා ගමගේත් වෙල්ගම මන්ත්‍රීවරයාත් මෙම සංචාරයට එකතුවන අතර කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් තමන් කොරියානු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසත් මිට සහභාගී වන බව දයාසිරි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසිය.
 

More News..