brand logo

කරූ ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීමට කැමතියි - අනුරට දුරකථනයෙන් කතා කරයි

13 September 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වෙත සිය ස්ථාවරය දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමනට ජනතා විමුක්ති පෙරමුණේ සහාය අවශ්‍ය බවද සඳහන් කර ඇත. කථානායක කරු ජයසුරිය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් අමතා ඇත. නමුත් එම කතාබහ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..