brand logo

කරු මැදිහත්කරු වෙයි - රනිල් සජිත් කතාකරන්නෙත් කරුට විතරයි

26 January 2020

එක්සත් ජාතික පක්ෂයේ ‘අලි ප්‍රශ්න’ තවදුරටත් උග්‍ර වී ඇති බැවින්, පසුගිය සතිය වන විට රනිල් පිල - සජිත් පිල යන දෙපිල අතර සාකච්ඡා මුළුමනින්ම පාහේ ඇණහිට තිබුණු බව පෙනිනි. කෙසේවෙතත් රනිල් - සජිත් දෙපිලේම එකඟතාවයෙන් යුතුව දෙපිල අතර ගැටුම් වැළැක්වීමේ ‘මැදිහත්කරු’ වශයෙන් ‘කරු’ව තෝරාගෙන ඇත. ඒ අනුව රනිල් සජිත් දෙපිලේ ම නියෝජිතයින් මේ වන විට කතා බහ කරන්නේ කරු සමගය. ඒ අනුව පසුගිය කාලයේ සජිත් විසින් අත්හැර දමා තිබුණු ‘එ.ජා.ප. නියෝජ්‍ය නායකකම’ නැවතත් ඔහු වෙත පැවරීමට අදාළ පියවර ගන්නැ’යි රනිල් ‘කරු’ හරහා ‘සජිත්’ වෙත දන්වා යවා තිබේ. එහෙත් මේ වනතුරුත් සජිත්ගෙන් ඊට කැමැත්ත පළ වී නොමැති අතර අකමැති බවක් පවසා ද නැත. මේ ආකාරයට පසුගිය සතිය අවසන් වන විට දෙපිලේ ම අය එළියේදී ‘බැණ අඬගසාගැනීම්’ නවත්වා තිබුණි. කරු ජයසූරිය ද මෙකී භාරදූර වගකීම ඉතා කැමැත්තෙන් බාරගෙන ඇත.
 

More News..